Sunday, December 28, 2014

ඉඳ ඉඳ එක වෙහෙර අනේ දෙව්දත් නොදිටි මොක්පුර ...!!!

ජයග්‍රහණයට පියවරුන් බොහෝ දෙනෙකු ඇතත් පරාජයන් අනාථයන් බව පවසා ඇත්තේ මධ්‍යතන යුගයේ ඉතාලියේ විසූ Tacitus විසිනි. මේ කියමන මොනතරම් සත්‍යය දැයි දැනෙන්නේ මේ දිනවල අපේ ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවේ විපක්ෂයෙන් ඇසෙන කථා නිසාවෙනි. එම එම කතා වලට අනුව ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය වූ LTTE යට එරෙහි යුද්ධයේ සේනාධිනායකයෝ ඔවුහුය. අවුරුදු කීපයක් පුරා යුද්ධය කෙරෙන අවස්ථාවේ සිටි හා යුද්ධය ජයගත් අවස්ථාවේ සිටි සේනාධිනායකයා වන මහින්ද රාජපක්ෂ නිවටයෙකි. මහින්ද රාජපක්ෂ යනු ඔවුන්ගේ ජයග්‍රහණයන් හිස පැළදී රූකඩයකි. ඔවුන්ට අනුව අද මේ මහින්ද රාජපක්ෂ පිතෘත්වය දරන යුධ ජයග්‍රහණය සැබෑ වුත් අභීත වූත් පියවරුන් ඔවුහු මිස මහින්ද රාජපක්ෂ නොවන්නේය. 

 මේ ප්‍රකාශයන්හි ඇති ලොකුම අවුල නම් මේ විපක්ෂ වේදිකාවේ කථා අපව උභතෝකෝටික ප්‍රශ්ණ වල සිර කිරීමයි. එකම කතාවේදීම පරස් පර අදහස් අපේ ඔළුවලට දමන්නට වලිකෑමයි. ඔවුන් පවසන දේවල් වලින් කුමක් ඇත්තද? කුමක් බොරුද ? සියල්ලම බොරුදැයි සිතා ගත නොහෙයි. මහින්ද රාජපක්ෂව කනෙන් ඇදගෙන ගොස් යුද්ධය දිනා දුන්නා යයි පවසන ඔවුන්ම එම කථාවේම මැද හරියේදී මහින්ද රාජපක්ෂ යනු මහා භයානක ඒකාධිපතියෙකු බවත් ඔහු ජනාධිපති සතු විධායක බලය යොදවා රට පාලනය කරන බවත් කියයි. මේ නිසා වසර ගණනාවක්ම තමන් කුක්කන් මෙන් ඔහු යටතේ සිටි බවත්, අවුරුදු ගණනාවකට පසුව ඔහුගෙන් මිදී ගල් ලෙන් බිඳ ලෙන් දොරවලුත් කරපින්නා ගෙන ආ බව කියයි. ඊ ලගට එම කතාව අවසන් කරන්නේ භයානක ඒකාධිපතියෙකු කනෙන් අල්ලා ලෙනට දැමීමට අවස්ථාව දෙන ලෙසයි . වරෙක මහින්දව කනෙන් ඇදගෙන ගියා කියා පිරිමියෙක් මෙන් කියන උන් ඊ ලගට ගැහැණු වොයිස් එකෙන් කියන්නේ මහින්ද ඔවුන් සුන්නත් කර ගල් ලෙන්වල සිරකර දැමු බවයි. තමන්ව සුන්නත් කරන තෙක් නිකං බලාසිටි රෑනක් දැන් මහින්දගේ කර අඹන්න පුළුවන් කියනවා නම් ඒක සිරා විහුළුවක්මය. මේ කතා වල ඇත්ත කුමක්ද? මෙවන් කථා අසන විට මට හැගෙන්නේ අපේ රටේ දේශපාලනයේ රගන නළුවෝ සිතා සිටින්නේ අපි ඔවුන්ගේ විජ්ජා බලන්න ඇවිත් සිටින අන්ධයින් පිරිසක් බවයි. එහෙත් ඔවුන් වටහාගත යුතු කරුණ නම් තවමත් මේ රටේ අවධියෙන් සිටින පිරිසක් සිටින බවයි. ඔවුන් අතීතය මෙන්ම වර්තමානයද කියවන්නේ ඔවුන්ගේ ඇසින්ම පමණක් ද නොවන බවය. අද අප රට ඉල්ලන්නේ හිතා මතාම බල තණ්හාවෙන් රට නොමග යවන නායකයින් නොවන බවය. 

අද විපක්ෂයේ වේදිකාවේ සැබවින්ම එදා යුද්ධය ජයගැනීමට උරදුන් සරත් ෆොන්සේකා හිටපු ජනරාල්, හෙළඋරුමය, ජවිපෙ, වැනි සේනාධිපතියන්, සම්පාදකයින් මෙන්ම රට පාවාදීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටි දේශද්‍රෝහී නඩේ රාලලා එකතුවී ඇති පොදු වේදිකාවකි . නමුත් මට පෙනෙන විදියට ඔවුන් අතරින් සැබවින්ම හෘද ශාක්ෂියක් මෙන්ම අභීත බවක් තිබු අයෙක් නැති තරම්ය. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එදා ඔහු මහින්දට රජෙක් කියා කිවේ බොරුවට බවය. ඔහු මෙතෙක් කල් මහින්ද ලගට වී මහින්ද පරදන කුමන්ත්‍රණය කල බවය. එවිට යම් හෙයකින් සිරිසේන ජනාධිපති උනොත්, අප රටේ අනාගතේ උපදින දරුවන් අපේ රටේ අතීත වංශ කතාව තුල සිරිසේන ජනාධිපති දකින්නේ කුමන්ත්‍රණකාරී කපටියෙක් ලෙස නෙමෙයිද..? ඒවගේම කුමන්ත්‍රණකාරී කපටින්ව ඉහලින් අගය කල අඥාන මිනිසුන් බහුතරයක් මෙකල විසු බව නොවේද ? 

මගේ මේ අදහස කෙනෙකුගේ සිත් රිදවන සුළු බව දනිමි එහෙත් මා දකින අසුන්දර සත්‍යය මෙයමය. මන්ද රුපියල් මිලියනයක් තම ඉන්දන වියදම් ඉතිරිය ආපසු දුන් සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශය අනුයුක්ත රෝහලකින් තම වාහන වලට ඉන්දන සපයා ගත බවටත්, තම පුත්‍රයා විසින් ලබාදී ඇතැයි පවසන ඩොලර් මිලියන ගණනක මුදල් පිලිබදවත්, පැහැදිලි පිළිතුරු ලබා නොදේ. තම සටන් සගයා රැවටූ බවට උදම් අනන මේ මිනිසා හෙට වෙන රටකට පැනගොස් මම ලංකාවම රැවට්ටුවා කියා ගණනකටවත් නැතුව සිනාසෙමින් පැවසුවොත් එහි පුදුම විය යුතු යමක් වේද..?. 

අපේ ගුරු දෙවිවරුන් අපට ගුත්තිලය කියා දෙමින් කිවේ ගුත්තිලලා වෙන්න මිස මුසිලලා වෙන්න නොවේ . සත්තකුම්භ ජාතකය කියාදී කිවේ යහපත් පරිසරයක රැදෙන්නය. තමන් වැපිරූ බිජයේ ම ඵල තමන්ට ලැබෙන බව ජේසුස් වහන්සේ කිවූ බව කියා කිවේ හොද දේම කරන්නය. මහදැනමුත්තා ගේ කතා කියමින් කිවේ මැටි මෝල් තීරණ නොගෙනෙ, නුවනින් විමසා, ගුණ දම් සරසා, උතුමන් විලසා, තීරණ ගන්නටය. දැන් මේ අනාගත නායකයෙකු වන්න සිටිනා මිනිසා කියන්නේ කුමක්ද ? අර මා කලින් සදහන් කල උතුම් අභීත ගුණ තමන් තුල ඇති බවද ? නැතිනම් තමන් මේ රටේ ජනාධිපති රැවටීමට තරම් සුර කුමන්ත්‍රණකාරයෙකු වූ බවද..?  
ඇත්තෙන්ම කෙනෙකුට තමන් ගමන් කරන්නේ වැරදි මගක යයි සිතේ නම් තමන් නිවැරදි යයි සිතන මග ගමන් කිරීමට අයිතියක් මෙන්ම වගකීමක්ද තිබේ. එයට අප අභියෝග කරන්නේනම් එය වරදකි. මම එසේ නොකරමි, නමුත් මම මොවුන් අප විශ්වාස කල තරම් අභීත නායකයන් නොවේ යයි කියමි. මොවුන්ට වඩා එදා තමන්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් කියා ආණ්ඩුවෙන් ගිය හේමකුමාර නානායක්කාර ඇමතිතුමා අති ශ්‍රේෂ්ටය. ඔහු අද ආණ්ඩුවට පට්ට පදුරු යන්න පහර දෙයි. නමුත් ඔහු එලියට බැස්සේ කුමන්ත්‍රනකාරයෙකු ලෙස නොවේය. විදුර වික්‍රමනායක නාමල් රාජපක්ෂ ට යුද ප්‍රකාශ කලෙත්, විමල් විරවංශ පි බි ජයසුන්දරට එරෙහි උනෙත්, ෆීලික්ස් රාජිත ට එරෙහි වන්නේත්, පාඨලී පවිත්‍රා ට එරෙහි වන්නේත් ඔය කියන කුජිත වූ නායකයින් රජ ගෙදර ආප්ප කකා මහින්දගේ කෝප්ප හෝද හෝදා ඉන්නා කාලේය. ඉතින් සැබෑ අභීත නායකයින් කව්ද කියා අපට නොවෙටහේද .? මගේ අදහස නම්,රටකට ඕනේ අභීත නායකයෙක් මිස සැගව පහර දෙන ගරිල්ලෙකු නොවේ යන්නයි. 

මහින්ද යනු සර්ව සම්පුරණ දෙවියෙකු නොවේ. නමුත් සංසන්දනාත්මකව ගත් කල ඔහු ශ්‍රෙෂ්ට වන්නේ ඔහු විශ්වාශ කල හැකි මිනිසෙකු බැවිනි. යුද සමයේ නිදි වැදී සිටි අමනයින් අද අපේ යුද ජයග්‍රහණයන් උදෙසා විශාල සේවයක් කල කරුණා ප්‍රමුඛ දමිල තරුණයින්ට අපහාස කරන විට, එය පෙන්වා ඔහුගේ මහින්දගේ චන්ද පදනම සොලවන විට, ඔහු මිනිසුන් රවටා චන්ද ටිකක් ගොඩ දා ගන්නවත් කරුණා අම්මාන් පවා නොදෙයි. මිල්ලේනියම් සිටි පාවාදීම කල ද්‍රෝහීන් ජාත්‍යන්තර කොටි ජාලය අඩපණ කිරීමට උදව් කරන KP නැවත කොටින්ට දෙන්නට සැලසුම් කරන විට කුණු අපහාස විදිමින් ඔහු රකියි. එදා UNP එක JVP කාරයන් කියමින් අහිංසක මිනිසුන් මරද්දී, ඒ මිනිසුන්ගේ පණ බේරා දෙන්නට ජිනීවා යෑම ගැන UNP ය හා JVP ය එක පෙලේ ඉද අපහාස කරද්දී, මහින්ද අදත් තම නිවැරදි තීරණය ගැන පස්චත්තාප නොවී, මරපු උන් මැරුණ උන් හා එක්වී කරන අපවාද විදාගන්නේ උපෙක්ෂා වෙනි. කටට එන දේවල් බලය උදෙසා කියන මිනිසුන් අතර තම වගකීම වෙනුවන් නාහෙන් නාඩා සිටීම ම අගය කල යුතු ගුණයක් නොවේද…? 

අද රතන හිමියන් හා ජවිපෙ කියන්නේ මහින්ද බෑ කියද්දී තමන් ඔහු යුද්ධයට දක්කා ගෙන ගිය බවයි. එය බොරුවක් නොවේ. මෙහි කැත කම ඔවුන් හොදින්ම දන්නා සම්පුර්ණ සත්‍ය නොකීම පමණි. මහින්ද එදා යුද්දයට යන්න අදි මදි කලේ ඇයි යන්න දැන ගන්න නම් කරන්නාගොඩගේ තම අත්දැකීම් ඇසුරෙන් ලියු අධිෂ්ටාන පොත. එකල කිර්ති වර්ණකුලගේ ආරක්ෂක කොලම් පෙළ, පාරමී කුලතුංග ඝාතනය පිළිබද ලිපි, රොහාන් ගුණරත්න යුද්ධය ගැන ලියු පොත් කියවිය යුතුවේ. එවිට ඔබට මහින්ද ඇත්තටම යුද්ධය පටන් ගත්තේ මාවිල් ආරු වහපු හින්දාද නැත්නම් ඊටත් කලින්ද යන්න ඔබටම පසක් වනු ඇත. යුද්ධ කිරීම යනු, පොල්ලක් අරන් බල්ලකුට තලනවා වගේ සරල වැඩක් නොවන බව මහින්ද හොදින් දැන සිටියේය. එය අර ගන්නෙත් ඉල්ලන්නෙත් ජීවිතයි. බැරි වෙලාවත් යුද්ධය පැරදුනා නම් අද යුධ ජයග්‍රහණයන්ට උප්පැන්න දෙන්න පොර කන එක තාත්තා කෙනෙක් වත් හොයා ගන්නවත් නැති වන බව මහින්ද නොදැන සිටියා විය නොහැක මන්ද ඔහු අත්දැකීම් බහුල පරිනත අයෙකි. මේ කිසිත් නොදැන අන්තර්ජාලයේ ෆේස් බුක් එකෙන් විතරක් ඉතිහාසේ ඉගෙන ගෙන තියෙන උන්ට කවදාවත් මෙය නොතේරේ. එහෙයින් පැහැදිලිවම රතන හිමි මේ බොරුව කියන්නේ ඔවුන්ට විය යුතුය. 

අවසානයේ මා මේ සියලු නායකයිනට කියන්නේ අපිව අන්දන්නෙ නැති.. අපට ඔබෙන් යමක් උගත හැකි පරමාදර්ශී සැබැ නායකයන් වන ලෙසයි

Friday, December 26, 2014

මේ කොයි යන්නේ..? රයිගම් යන්නේ..!!!

මා ඉතාමත් අකැමැති අතීතයක්  මටද ඇත. 1988-1989  තුල මගේ කුළුපගම මිතුරන් දෙදෙනාත්, හිතවත් ඥාති වරයෙකුත් මට අහිමි  විය. මගේ ඥාති සහෝදරයා මිය ගියේ ලයිට් කණු පෙරලීමට යාමෙන් විදුලිය වැදීමෙනි. මගේ එක් මිතුරෙක් මිය ගියේ JVP පන්තියකට සහභාගී වූ දිනෙක දියේ ගිලිමෙනි . මගේ  අනෙක් මිතුරා සැගව සිටීමට තෝරා ගන්නේ ගල්ගමුව ප්‍රදේශයයි. එහි ටයර් කඩයක වැඩ  කරමින් සිටිනා අතර තුරම ඔහු ඇත අඩංගුවට පත් වූ පසු සැගව ගියේය. යොවුන් වියේදි  විප්ලවය සුන්දරය. මදුරු දගරයක දැවටු අති විශාල බට්ටා පුපුරා යන්නේ එය අටවන ලද්දන් ගෙදර නිදා සිටිද්දීය. පොලිසිය බොහෝවිට අල්ලා ගත්තේ  ඒ අසළ සිටින අහිංසකයකි. ලයිට් කණු, ට්‍රාන්ස්පෝමර්, ගොවි ජන සේවා මද්‍යස්ථාන  අනෙක් රජයේ දේපළ විනාස කලේ ඒවා විප්ලවයට අවශ්‍ය මනෝ මූල සාධක නිර්මාණය කර ගැනීමට විය යුතුය. සටන් සගයකුගේ මරණය ජවය උපදවන අභිප්‍රෙරරකයකි. ඔවුන්  වෙනුවෙන් ලියවෙන කවිය හා අතින්ම සිතුවම් ඇදී නිමැවෙන ශෝකාලාපය දැකීමෙන් දැනෙන්නේ දුකට වඩා සමාජය ගැන තරහකි. කොටින්ම කිව්වොත් හිතෙන්නේ ඉල්ලාගෙන කා හෝ මැරී මේ  සුන්දර මරණයේ අභිමානය උරුම කර ගන්නටය. ඒ තරමටම, මිනිය පෙට්ටියකට දමා ගැනීමට වාසනාව ලද  අපේ මිතුරන්ගේ මළ මිනී වෙන්දේසි කිරීමේ කලාවක් සංවිධානය තුල විය.

මාගේ අප්පච්චිට පින් සිදු වෙන්නට මම  අම්මා, වානේ පන්නරය ලැබූ හැටි, යුද්ධය හා සාමය වැනි අනගි සාහිත්‍ය කෘති මෙන්ම  කොමියුනිස්ට් මුලධර්ම, සමාජවාදය පිලිබඳ දේශපාලන කෘති හා ලෙනින්,මාර්ක්ස්, එංගල්ස් වෙන්නවුන් ගැනත් කියවා තිබුනේ  ළා බාල වියේදීමය. ඒවායේ විප්ලවාදීන් මානවහිතවාදී ප්‍රගතිශීලී ධෛරයවන්තයින්  වුහ. නමුත් මා JVP එකේ දුටු බහුතරයක් දෙනා තුල තිබුණේ වෛරී හැගීමකින් විනා මැනැවින් තෝරාගෙන ක්‍රියා මාර්ග  වලට නොඑළෙබෙන බවය. !971 විප්ලවවාදීන් පිලිබද අප අසා දැන සිටි කිසිදු ගුණයක් 1989 ක්‍රියාකාරීන්ගෙන් දැකීම උගහට විය.  එනිසා  1989 මර්ධනයෙන් පසු පණ බේරාගත්, ප්‍රගතිශීලී වෙනසක් පැතු බොහෝ දෙනෙක්  සංවිධානයෙන් වියුක්ත වුහ.

කෙසේ නමුදු සංවිධානයද මේ වන විට සමාජවාදය කරා යන ගමනේ උපාය මාර්ග වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබා ගැනීමට තීරණය කරමින් උණ්ඩය වෙනුවට චන්දය සෙවීම ඇරබියේය.  මේ එළැබුම  රටේ එතෙක් සම්ප්‍රධායික සමාජවාදී පක්ෂ වලට සහය දුන් ජනයා මහත් හරසරින් පිළිගත්හ. එහෙයින්ම වරෙක රටේ වැඩිම ජනප්‍රසාදයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ තීරක බලයක් සහිත පක්ෂයක් දක්වා  ඉහළට ගියේ පැරණි සමාජවාදී පක්ෂ අසරණ කරමිනි.

අවාසනාවක මහත නම් JVP එකට බොහෝ විට වැරදී ඇත්තේ කොමන් සෙන්ස් නැත්නම් ජන විඥාණය පිළිබද ඇති ප්‍රශ්ණයකිනි. එය සනාථ කරමින්  ජවිපෙ ගත් සමහර තීරණ වල ඵලය ඌයෙ තම පක්ෂය කැලි කැඩී දෙදරා යාමත්, ජනතා විශ්වාසය පළුදු කිරීමේ වන්දිය ලෙස තමන්ට පාර්ලිමේන්තුව තුළ තිබු තීරක බලය අහිමිවිමත්ය. තත්වය මෙසේ තිබියදී ගත්  සමහර තීරණ නිසා අද වන විට ජවිපෙ වටා සැබැවින්ම වට වී තිබෙන්නේ UNP හිතවතුන්ය. නමුත් එම හිතවත්කම ඵල රහිතය. මන්ද ඔවුන් ගේ අපේක්ෂා අභිලාශ කිසිවිටකත් ජවිපෙ හා නොපෑහෙන බැවිනි. එය  පසුගිය ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කළහොත් එය සක්සුදක් සේ තහවුරු වන්නේය.

වර්ථමාන ජවිපෙ බොහෝ දියාරු බලවේගයකි. නමුත් මේ දේශපාලන වාතාවරණය සැබැවින්ම තමන්ට නැති බලයක් ඇති බව පෙන්වීමට හොද වාතාවරණයකි.  එයට හේතුව නම් අනෙක් විකල්ප බලවේගද මේ අවස්ථාවේ කොන්දේසි විරහිතව  ජවිපෙ උදව්වට පැමිණිය හැකි බැවිනි. නමුත් මේ කුමක් කලද ජවිපෙ ශක්තිය ගොඩනගා  ගත නොහැකි වනු ඇත. එසේ වන්නේ  අද පවතින දේශපාලන ලෝකයේ ජවිපෙ හා තරග කිරීමට ප්‍රබල කුඩා සංවිධාන කීපයක්ම මතු වී ඇති හෙයිනි.

මගේ පෞද්ගලික හැගීම නම්  ජවිපෙට සියදිවි නසා ගැනීමට තව එකම එක වැරදි තීන්දුවක් සැහේ. ලංකා ඉතිහාසයේ අපේ රටේ ජාතික සම්පත් වන මිනිස් සම්පත,   රාජ්‍ය දේපලආරක්ෂාව  හා ව්‍යාපාර පැවැත්ම විනාස කිරීමේ ක්‍රියාව තම දේශපාලනය කරගත් පාර්ශව ඇත්තේ දෙකකි. ඒ LTTE ය හා JVP යයි. අවාසනාව නම් තවමත් එයම නිවැරදි යයි සිතන කොටස් මේ දෙපාර්ශ්වයේම සිටීමයි. LTTE යට නොමැති වාසියක් JVP එකට ඇත. එනම් UNP රජයක් පවතින විට ඔවුන්ගේ ක්‍රියා සාධාරණිකරණය සදහා ශ්‍රී ලංකා ප්‍රමුඛ වමේ පක්ෂ ඉදිරිපත් වීමත්. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ රජයකට විරුද්ධව ක්‍රියාත්මක වන විට UNP ප්‍රමුඛ විපක්ෂයේ රැකවරණය ලැබීමත්ය. මේ ආවරණය නිසා ඔවුන් ගේ ක්‍රියා නිසා රටට සිදුව ඇති අලාභය කිසිදා හුදී ජන අවධානයට නතු නොවේ.


කෙසේනමුදු, අද පවතින ජවිපෙන් මහා දෙයක් බලාපොරොත්තු විය නොහැක. එය මේවන විටත් සිල්ලර දේශපාලන කථා වලින් ජනයාගේ කණ පිනවනවා හැරෙන්නට තර්කානුකුල හා විද්‍යාත්මක පසුතල මත ගොඩනැගුන  අභියෝග කරන්නේ නැත. එදා වේලට තීරණ ගනිමින් පණබේරා ගනිමින් යන ජවිපෙ හෙට නැවත අවි ඔසවා ආණ්ඩුවට යුද්ධයකට ආරාධනා කලොත් එය පුදුම විය යුත්තක්ද නොවේ. මන්ද දිනෙන් දින ගරා වැටෙන තම පක්ෂය බේරා ගැනීමට ජවිපෙට අනුවනම් එය හොදම උපාය මාර්ගයකි. නමුත් අද ඇත්තේ මිට දශක කීපයකට පෙර සිටි පරපුරක් නොවේ. ඔවුන් විප්ලවය ලෙස දකින්නේ අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි වල පොස්ට් දැමීම, ලයික් කිරීම, කොමෙන්ට් කිරීම, හා  සෙයාර් කිරීමයි. මෙවන් පරපුරක් හා දැන් නම් කල හැකි වන්නේ අන්තර්ජාල යුද්ධයක් පමණමය.

Wednesday, December 17, 2014

අපි කව්රුත් කැමති ලස්සන ලෝකයකට තමයි..

කාලෙකට පස්සේ මගේ බ්ලොග් එකේ යමක් ලියන්න ඕනේ කියල හිතුන. එකක් තමයි මම කවදාවත් සිංහල භාෂාවෙන් ලියල නොතිබීම, සිංහලෙන් බ්ලොග් එකේ ලියන හැටි ඉගෙන ගත්තම මොකක් හරි ලියල බලන්න ඕනේ කියල හිතුන එක . ඒත් පහුගිය ටිකේම මොකක්වත් දෙයක් ඔලුඑවට ආවේ  නෑ. සමහර විට ඒ මේ දවස්වල රටේ උණුසුම් දේශපාලන වාතාවරණයක් තියෙන නිසා වෙන්න ඇති . ඒ හින්දම මමත් මේ දවස්වල අන්තර්ජාලයේ කරක් ගහන වෙලාව ටිකක් වැඩියි. ඔහොම ඉබාගාතේ ඕපාදුප බල බල යනකොට තමයි මම දැක්කේ අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය හා නිදහස් මාධ්‍යයන් හේතුවෙන් හොඳ වගේම ලොකු නරකකුත් වෙනවා කියලා. එකට හේතුව තමයි මම දැක්ක සමහරක් බොරු පොස්ට්. දේශපාලන පොස්ට් නම් හිතන්න තිබුන මඩ කියල එත් කාටවත් යහපතක් නැති  පට්ටපල් බොරු තියෙන පොස්ට් වල අරමුණ මොකක්ද කියල තේරුම් ගන්න බෑ.

මේ ලඟදී මම දැක්ක අපේ කොල්ලෙක් ඔබාමා ගේ බොඩි ගාර්ඩ් කියල ඇමෙරිකාවේ GUIM කියල සගරාවක තියෙනවා කියල පොස්ට් එකක්. මමත් පොඩ්ඩක් හොයල බැලුව එක ඇත්තද කියල දැනගන්න එහෙම සඟරාවක් හරි පත්තරයක් හරි තියෙනවද කියල. තාම එහෙම එකක් හම්බ උනේ නම් නෑ . තවත් පොස්ට් එකක් කියල  තියෙනවා අපේ ඩිෆෙන්ස් එකෙන් ඕස්ට්‍රලියාවේ ප්‍රාණ ඇපකරයෝ මුදා ගත්ත කියල. හොයල බලපුවම තාම කිසිම සාක්ෂියක් නෑ. වඩාත්ම වැදගත් දේ මේ බොරු ලියන හෝ පොස්ට් දාන එක නෙවෙයී මේවා ඉවක් බවක් නැතිව share කරන එකයි like කරන එකයි. මොකද ඒවට සම්මාදම් වෙලා ඉන්න අය අපි සමාජයේ ඔලුවක් විචක්ෂණ බුද්ධියක් තියෙනවා කියල හිතන අයයි. එකෙන් අදහස් වෙන්නේ ඒ වගේ අයගේ ජිවිතේ සමහර තීරණ මේවගේ වැරදි දැනුම පාදක කරගත් ඒවා වීමයි. රටක පුරවැසියෝ අන්ධ අනුකාරකයෝ උනහම ඒ රට මහා අගාධයකට යන්නේ නොහිතන වේගෙකින්.

දැනුම තමයි තීරණයේ ආරම්භය. දැනුම තමයි තීරණයේ පදනම. දැනුම තමයි හෘද සාක්ෂිය. අපි ලෝකේ ජිවත් වෙද්දී ඇහෙන, දකින, දැනෙන ඒවගෙන් අපට ප්‍රථමයෙන් ඇතිවෙන්නේ අදහසක් හරි මුලික ආකල්පයක් හරි වගේ දෙයක්. ඒක පෝෂණය වෙන්නේ හරි නිශේදනය වෙන්නේ හරි අපි ඒ පිළිබද කරන පසු විපරමේ ප්‍රමාණය මත අපි රැස් කරගන්නා දැනුම මතයි. ඇත්තෙන්ම දැන් ඉස්සර වගේ නෙමෙයි දියුණු තාක්‍ෂණය, අන්තර්ජාලය නිසා අපට පුළුවන් වෙලා තියෙනෙව ගොඩක් තොරතුරු දැනගන්න. ඒ තොරතුරු වල මුලාශ්‍ර වල තියෙන විශ්වෂනියත්වය තහවුරු කරගන්න. මම හිතන්නේ අපි එහෙම කරනවා නම් අපිට සමහර දේවල් වල මතුපිට පෘෂ්ටයට එහාවූ අභ්‍යන්තර සත්‍ය දැක ගැනීමේ නැණස පාදා ගන්න  පුළුවන් වෙයි කියලයි. මොකද අපි ඒ විදියට යමක් අධ්‍යනය කලොත් අපිට අපි කැමති වගේම අකමැති අදහසුත් දැනගන්න ලැබෙනවා. ඒ විරුද්ධ අදහස් නිරීක්ෂණය කරද්දී ටිකෙන් ටික අපේ හිතේ උපේක්ෂාව ඇතිවෙනවා. කොහොම උනත් අපි අවසානයේ තීරණ ගන්නේ අපි උපයෝගී කරගත් මුලාශ්‍ර හා ලබා ගත් අවබෝධයේ තරමට තමයි.  එත් මෙහි මම දකින යහපත තමයි මේ ක්‍රියාවේ අතුරුපලයක් ලෙසින් උපේක්ෂාව වගේ යහ සිතුවිල්ලක් අපේ හිත තුල ප්‍රගුණ වීමට අවශ්‍ය පසුබිම සකස්වීම .

මට මොනතරම් කාර්ය බහුල උනත් ඉඳල හිටලා හරි යමක් ලියන්න වගේම යමක් සක්‍රීයව කරන්න ඕනේ කියල හිතුනෙත් මේ අන්තර්ජාලයෙන් දැකපු පොස්ට් එකක් නිසාමයි. ඒකෙ තිබුනේ "The world will not be destroyed by those who do evil, but those who watched without doing anything " කියලයි.. එක දැක්කට පස්සේ තමයි හිතුනේ හොඳ ලෝකයක් ගැන ප්‍රාර්ථනා කර කර ඉන්නවට වඩා එහෙම තැනක් හදන්න පුළුවන් හැටියට දායක වෙන්න ඕනේ කියල. ඉතින් මම මගේ යාලුවන්ටත් අරාධන කරනවා. අදහස් වෙනස් උනත් ඔබෙන් මේ රටට වෙන්න ඕනේ දායකත්වය දෙන්න කියල. අපි කව්රුත් කැමති ලස්සන ලෝකයකට තමයි.. අපේ එකම වෙනස අපි ඒකට යන මාර්ගය හා අපිත් එක්ක යන මිනිසුන් කව්ද යන්න තේරීමේදී පමණයි. අද නිහඩව ඉඳල හෙට අඬනවාට වැඩ ඒක හොඳයි නේද .?

Friday, May 16, 2014

EXPERIENCE THE GIVING UP



After very long silence I thought to write something, though I had many things to share in past years, the busy schedule and lack of supportive background discouraged and prevented me trying it. However I decided write again something after long time. The lake can retain water as long as water reaches to its bunt’s height.  When water reaches its bunt’s height it starts overflow. I think my long silence has also filled my mind with many of things that took place in the past and now reached to over flow. So I decided to let it flow  freely as it wishes to flow.
Have you seen water is overflowing from a bowl or pot? The water added last will flow out first. So I also thought sharing with you the most recent things that influenced me. Nowadays Sri Lanka is celebrating the “Vesak Festival” with commemorating the Lord Buddha’s birth, enlightenment and passing away. Within this period many things are happening on this land, from lighting an oil lamp to displaying giant pandols  with thousand of colorful bulbs and attractive pictures drawn on Buddha’s life, from giving little thing to providing free food and drinks to thousands of people who are on pilgrims at nicely built temporary tents at waysides.  These things only take place in Sri Lanka. Wherever you travel all over the world you never get such experience.  It is only at Sri Lanka.
Anyway my aim is not to talk about beauty, joy or glamour of “Vesak  Festival”. I am just to bring very important matter to limelight that runs under all these visible and touchable things. It is the “art of giving up”. Some people who are believed in Buddhism do things merely by faith. It is not bad thing. There is a reason to say that faith is not bad thing.  That reason is if someone from these people are need rationally understand this “art of giving up” Lord Buddha’s preaching helps them to understand it logically understand and follow. Such people are practicing the “art of giving up” with wisdom as that was taught by Lord Buddha. Whatever is the reason that lead people to practice “giving up”, it is not as easy as it seems. Giving the best is the way of real giving. Giving what you love most is the real giving.  Giving what you have excess is not a real giving up.  According to Lord Buddha’s teaching givers mindset is very important in the giving up process. Other important thing is the thing or object that we give. The thing that we give should be a thing earned through righteous and proper way.  Finally to be perfect of giving the receiver also should be highly appropriate to receive that.
If everyone of this world can practice this everyday everywhere all over the world, this earth will be the paradise that filled with happiness, joy and beauty.